රියැලිටි තරු මාවතේ පැමිණි දිනේෂ් තරංග කාලයක් ගීත ලෝකයෙන් සමුගෙන තිබුණා. ‘මීවිත පිරුණා’ ගීතයෙන් බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු නැවතත් නව ගීතයකින් ගීත ලෝකය වර්ණවත් කිරීමට සැරසෙයි. ‘හැඟෙන්නැති ආදරේ’ ලෙස මෙම නම්කර ඇති මෙම ගීතය පසුගියදා එළිදැක්වුණා. ඒ පිළිබඳව කතා කිරීමට දිනේෂ් ‘සාරවිට’ සමග එකතුවූ මොහොතකි මේ.
අලුත් ගීතය එළිදැක්වුවානේ, ඒ ගැන කතා කළොත්?
සිංදුවේ නම ‘හැඟෙන්නේ නැති ආදරේ’. ඒක පසුගියදා එළිදැක්වුණා. ඉතිං දැන් ටිකෙන් ටික රසිකයන් අතරට ගීතය යනවා කියලා කියන්න පුළුවන්. ‘මීවිත පිරුණා මැදියම් රැයේ’ ගීතයෙන් පස්සේ මම මහන්සි වෙලා කරපු ලොකු ව්‍යාපෘතියක්. ඉතිං මේකේ මියුසික් කළේ මමමයි. පදරචනය අලුත් පදරචකයෙකු වන ප්‍රදීප් වර්ණකුලසූරියගෙයි. කලින් වචන ලියලා තිබ්බා වුණාට ගීතයක් විදිහට කරලා එළියට දාන පළවෙනි සිංදුව. මියුසික් වීඩියෝව කළේ සජිත්.
කොපමණ කාලයකට පස්සේද ගීතයක් නිර්මාණය කළේ?
දැන් මගේ අවුරුදු එකහමාර පස්සේ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. කලින් ‘මනමාල සිතක්’, ‘මේ හිත රහසින් කීවා’, පසන් ලියනගේ කරපු ‘මට හිමි නැති ඔබ’ වැනි ගීතවලට පස්සේ තමයි මේ ගීතය නිර්මාණය කළේ.
මෙපමණ කාලයක් ගත්තේ ඇයි?
සංගීත ක්ෂේත්‍රයේ වෙනත් වෙනත් ප්‍රශ්න මත තමා මම පොඩ්ඩක් සංගීතයෙන් ඈත් වෙලා හිටියේ. නමුත් මම ආයේ හිතුවා මම මේ වැඩේ කරලා ආයේ එන්න ඕනේ කියලා. ඒක හින්දා ගොඩක් මහන්සිවෙලා කරපු ගීතයක් තමයි මේක.
ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?
තව ගීත දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එකක් අශාන් ප්‍රනාන්දු කරලා තියෙනවා. අනෙක් ගීතය සඳරුවන් ජයසිංහ කරලා තියෙනවා. ඒ ගීත දෙකටම මියුසික් වීඩියෝ කරන්න සැලැසුම් කරලා තියෙන්නේ. තව මාස දෙකක් ඇතුලත තව ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අවුරුදු එකහාමාර ඇතුලත සංගීත ලෝකයේ විරහව කියන රැල්ලක් වෙත ගිහිල්ලා තියෙනවා, එවැනි වාතාවරණයක් උඩ මේ ගීතය ජනප්‍රිය වීමට අභියෝගයක් නැද්ද?
යන රැල්ලෙන් පිටත ගීතයක් කියලා මුලින්ම කියන්න ඕනේ. මගේ ‘මීවිත පිරුණා’ ගීතයත් සික්ස් එයිට් තාලයට යන ගීතයක්. මගේ ඒ ගීතයත් විරහව කියන රැල්ලට අසුවුණේ නැති ගීතයක්. ඒ වගේම පොඩි වෙනසක් කරපු ගීතයක්.
විරහව කියන දෙයින් ඔබ්බටද ඔබේ නිර්මාණ සිදුවන්නේ?
මම කිසිම වෙලාවක එකම රාමුවක් තුළ කොටු වෙන්න කැමති ගායකයෙක් නෙමෙයි. මම කැමති හැම සංගීත විලාසිතාවක්ම අත්හදා බලන්න. මම කැමති රොක් ස්ටයිල් එකින් ගීතයක් කරන්න, හිප්පොප් ස්ටයිල් එකෙන් ගීතයක් කරන්න. රෙගේ කැමතියි. මම කලින් කොරින් අල්මේදා සමග ගීතයක් නිර්මාණය කළා ‘මගේ සුදු කෙල්ලේ’ කියලා රෙගේ ස්ටයිල් එකට. ඒක නිසා මම එකම තැනට කොටුවෙන්න උත්සාහ කරන්නේ නැහැ.
වෙනස් සංගීත නිර්මාණය කරලා සංගීතය තුළ පැවැත්මක් හදා ගන්න පුළුවන්ද?
ඇත්තටම කියනවානම් ටිකක් අමාරුයි. රසික රසිකාවියන් මෑතකදී වැලඳ ගත්ත ස්ටයිල් එකට තමයි මෑත කාලයේ ගීත නිර්මාණය වෙන්නේ. රසික රසිකාවන් වෙනස් දෙයක් දෙනවානම් ඒ අය ඒ දේ ගන්න කැමැතියි. මගේ ගීතයක් රැල්ලට ගීයත් නෙමෙයි. නමුත් ඒ ගීතයට ගොඩක් දෙනා ප්‍රිය කරනවා. මොකද ෆේස්බුක් එකෙ එහෙම ඒ ගීතය සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා.
ඉදිරි බලාපොරොත්තුව?
සංගීත ක්ෂේත්‍රය තුළ ලොකු දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා. හැමදාම රසිකයන්ගේ හිත් දිනාගෙන දීර්ඝ කාලයක් දුර ගමනක් යන්න ආසාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා.
සහයෝගය ලබා දුන් අය ගැන කතා කළොත්?
නම් වශයෙන් කියන්න අමාරුයි. මොකද මට ගොඩාක් අය උදවු සහ සහයෝගය ලබා දීලා තියෙනවා. මම මේ දවස් ටිකේ music.lk ආයතනයත් එක්ක තමයි වැඩකටයුතු ටික කරගෙන යන්නේ. ඉතිං music.lk ආයතනයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අයත් එක්ක එකතු වෙලා තමයි මේ ගීතය එළියට දැම්මේ. ඉදිරියේදී වෙනසක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට උදවු කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා සහ ඒ අයට කියනවා හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා.
ඩිලාන් ක්‍රිෂාන්ත