මහනුවර, කැලණිය, හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල, හැඳල විහාරස්ථානවල ද නවගමුව, කටුවෙල, රන්කඩු, පත්තිනි දේවාලවලට පෙරහැරේ වසර පනහකට අධික කාලයක් ගමන් කළ බියගම සීතා ඇතින්නගේ (90) මළගම ආගමික චාරිත්‍රානුකූලව සිදුවිය.
සීතාගේ හිමිකරු ඩබ් පී දීප්ත කුමාර මහතා හා පවුලේ සාමාජිකයෝ මහා සංඝරත්නය කැඳවා මතක වස්ත්‍ර පූජා කළහ.
වත්තේ කැපූ වළක් ඇතින්නගේ අවසන් සයනය විය.
දොඹකරයක ආධාරයෙන් සිරුර වළේ තැන්පත් කැරිණි.
සීතාත් ගෙදර සිටින තවත් අලි දෙදෙනකුත් තම නෑයන් බව හැමවිටම සිතේයැයි දීප්ත කුමාර මහතා කියයි.