වසර පනස් හයකට පසු ජැකී චෑන් ඔස්කා සම්මානයෙන් පිදුම් ලබයි


2016-11-17-ent-63

ජැකී චෑන් කියන්නෙ හාස්‍ය ක්‍රියාදාම චිත්‍රපට රැල්ලෙ නිර්මාතෘ කියලා කිවුවොත් නිවැරදියි. ඔහු පසුගියදා හොලිවුඩ් සිනමාවට කරපු මෙහෙය වෙනුවෙන් ගෞරව කර පිදෙන ඔස්කා සම්මානයකින් පිදුම් ලබන්නෙ එය පසුගිය කාලය පුරාවටම ඒ පිළාබඳ කතාබහ ඇති කරමිනුයි.

ජැකී චෑන් ඒ මොහොතෙ දක්වන අදහස් අතරේ, මම මීට කාලෙකට කලින් සිල්වෙස්ටර් ස්ටැලෝන්ගෙ ගෙදර ගිහින් ඔහුගේ ඔස්කා සම්මානය ආදරයෙන් වැලඳගත් හැටිත්, ඔහුගේ පියා සහ ඔහු අතරේ ඔස්කා සම්මානය ගැන සිද්ධ වුණු කතාබහත්, මුල්වරට ඔහුට මෙම සම්මානය ලැබෙන බව දැන්වූ මොහොතේ ඔහු එය විශ්වාස නොකළ අයුරුත් කියැවුණා.

එසේම දැනට වයස 62ක් වුවද පනස්හය හැවිරිදි නළු ජීවිතයකට හිමිකම් කියන ජැකී චෑන් චිත්‍රපට දෙසීයකට අධික චිත්‍රපට ගොන්නක රඟපා ඇති අතර, එහි ඔහු ඊටත් වඩා මිනිසුන්ගේ අඬු කඩා ඇති බවද ඔහු සඳහන් කළා. ඊට අමතරව තමන් හැදී වැඩුණු හොංකොංවලටත් තම රටටත් ස්තුති කළ ඔහුගේ කතාව බොහෝදෙනෙකුගේ ඇස්වලට කඳුළක් ගෙන ආවා.

 

රචින්ත ජයවර්ධන

2016-11-17-ent-64