ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැත්කමින් නාසයක් බද්ධ කොට ඇත. සැත්කම පැය හතරක් ගතවිය. මෙම විස්කම් සැත්කම කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා විසින් සිදුකැරිණි
නාසයක් නොමැතිව වසර නවයක් කටින් හුස්ම ගත් රෝගියාට ඔහුගේම නළලින් ගත් කොටසකින් අලූත් නාසයක් නිර්මාණය කොට බද්ධ කරන්නට ලැබීම සතුටක් බව පවසන වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසුවේය. ෙ
මේ රෝගියා පිළිබඳව මට දැනගන්න ලැබුණේ අන්තර් ජාලයෙන් ඒ අනුව මා මේ රෝගියා පිළිබඳව උනන්දු වුණා.
ඇත්තටම අපගේ රෝහලේ මෙවැනි ශෛල්‍ය කර්මයක් සිදුකිරිමට පහසුකම් තිබෙනවා. ඒ අනුව මේ ශල්‍ය කර්මය සිදුකිරීමට පියවර ගන්නා රෝගියා පරීක්‍ෂා කිරීමේදී අපට වැටහුණ රෝගියාගේ ගාත්කුහරක් වැසී ගොස් තිබෙන්නේ පිටතින් පමණයි. ඇතුළතින් එහි කුහරවලට හානි සිදුවී නොමැති බව මේ ශල්‍ය කර්මය පැය 4ක් පුරා සිදුකළා.
මේ සඳහා ප්ලාස්ටික් සැත්කම වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගෙන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තුෂාන් බොරගම වෛද්‍ය ජයනාත් පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංගනී ආරියරත්න, නිර්වින්දන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි චමිකා අබේසිංහ නිර්වින්දන වෛද්‍ය ඒ. විදත් යන වෛද්‍යවරුන් විශාල සහයක් ලබාදුන්නා.
බදාදා (23) සැත්කම සාර්ථකව මුහුණදුන් හොරණ කෙසෙල් හේගාව ප‍්‍රදේශයේ නිශාන්ත හර්ෂ කුමාර මහතා මෙසේ කීවේය.
මම වසර නවයක් පුරාවට හුස්ම ගත්තේ කටින් මීට වසර නවයකට පෙර ඉඩම් ආරවුලක් මත ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්වී මගේ නාසයේ හුස්ම ගැනීමට නොහැකි ආකාරයෙන් වැසී ගියා.
ඒ වෙනකොට මගේ වයස අවුරුදු 33 දැන් මගේ වයස අවුරුදු 42 මේ වසර නවයටම මට හරිහැටි නින්දක් තිබුණේ නෑ. සෙම්ප‍්‍රතිශ්‍යාව හැදුනාම විශාල වශයෙන් දුක් වින්දා. කෑම ගැනීම පවා විශාල ගැටලූවක්ව පැවතියා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. දුවල දෙන්නයි පුතායි. ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ නිසා මගේ දෑස් පවා දියවී ගියා. අද මම නාසයෙන් හුස්ම ගන්නව.
මේ සැත්කම කරවා ගැනීමේ අවස්ථාව මට උදාකොට දුන්නේ මගේ නෑයෙක් වන පුතෙක්. මා පිළිබඳව තොරතුරු අන්තර් ජාලයට මුදාහැරිමේ ප‍්‍රතිඵලයක් ලෙස. ඔහුගේ නම කාරියකරනගේ ෂෙහාන්. ඇත්තටම මේ වෛද්‍යවරුන් පෙනෙන දෙවියන් වගේ ඇත්තටම දැන් මට හුස්ම ගන්න පුළුවන්.
මේ වනවිට මගේ පවුල් බර කරටම අරගෙන මගේ දරු තිදෙනාවත් රැකබලාගන්නේ මගේ බිරිඳ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

