වසර දහස් ගණනක් පැරණි මීමුත්තෙක් කූරගලින් ?


වසර දහස් ගණනකට පෙර මානවයන් කූරගල ජීවත්වූ බව පෙනෙතියි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි. අඩි එකහමාරක් පමන යටට කැණීම් සිදුකිරීමේදී හමුවූ ගල් ආයුධ ජ්‍යාමිතික හැඩතල සහිත සියුම් ආයුධ වීමෙන් මේ බව තහවුරු වෙතැයි ද ඔහු කියයි. ප්‍රාග් ඓතිහාසික මානවයා කූරගල හැරදැමීමෙන් පසු එහි ඇති ගල් ලෙන් භික්ෂූන් වහන්සේලාගේ භාවිතයට ගෙන ඇතැයි ද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ලෙන් අක්ෂර ඇතුළු නෂ්ඨාවශේෂ රැසක් එහි හමුවෙතැයි ද පර්යේෂකයෝ කියති.