වසර එකහමාරකට පසු විපක්ෂ නායකට නිල නිවසක්


හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට පිරිනමා තිබූ රජයේ නිල නිවාසය දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා වෙත පිරිනැමීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය  යන  මහත්වරුන්ගේ  මැදිහත්වීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මෙම නිල නිවස  සම්බන්දන් මහතා වෙත ලබා දී තිබේ.

සම්බන්දන් මහතාට නිල නිවසක් ලැබුණේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්වී වසර එකහමාරකට පමණ පසුවය. ඔහුට නිල නිවසක් ලබා දී නැතැයි මාධ්‍ය කිහිපයක් පසුගිය කාලයේ අනාවරණය කළේය.