කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මහානාම විද්‍යාලයයේ හිටපු විදුහල්පති විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2012 අප්‍රේල් මස සිට විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති සෙනරත් බණ්ඩාර මහතා වැඩ ආවරණය කළේය.
රාජ්‍ය සේවා කොමිසම මගින් විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා සමූඛ පරීක්ෂණ පවත්වා පසුගිය ජූලි මාසයේ බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා විදුහල්පති ලෙස පත් කළත් ඒ මහතා වැඩ බාර නොගැනීම නිසා සමූඛ පරීක්ෂණයේ දෙවැනි තැනට ලකුණු ලබා සිටින ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇත.
මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කරන උපශාන්ත මහතා බ්‍රහස්පතින්දා (24) පෙරවරු 10.30ට මහානාම විද්‍යාලයයේ වැඩ භාර ගැනීමට නියමිතය.
1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.