වසර 600 කට වඩා පැරණි චීන මැටි බඳුන් හමුවෙයි


රොමේෂ් මධුෂංඛ
 
මේ දිනවල යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ දී චීන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිෂ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතුවල නිරත වූවන් පවසා සිටිති.


චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ විශේෂ කැනීමක් සිදුකර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර යාපනය කොටුව ආශ්‍රීතව පැවති වාණිජ කටයුතු සඳහා චීනයේ ද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟය.


මේ අනුව කැනීම් සිදු කරන ලද චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් හට චීනයේ නිෂ්පාදිත ඉතා පැරණි මැටි බඳුන්වල කැබලි 654 ක් හමු වී ඇති අතර එම කැබලි වසර 600 කට වඩා පැරණි බවට ද එම චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් විසින් සැක පළ කර සිටිති.


කෙසේ වෙතත් හමු වූ මැටි බඳුන් කැබලිවල කාල නිර්ණය කිරීම සඳහා චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම කැබලි චීනයේ ෂැංහයි විශ්ව විද්‍යාලය වෙතට යැවීමට කටයුතු යොදා ඇත.