ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ආරම්භ විය.වසර 40 කට පසු මෙම සමුළුවට ශ්‍රීලංකාවද ආරාධනා ලැබ සිටින අතර අන්තර්ජාතික වශයෙන් අවධානය දිනා ගැනීමට මෑත සමයේ රටට හිමිවූ ඉතාම වැදගත් අවස්ථාවක් ලෙසද එය සැළකිය හැකිය.
ඩාවොස් සමුළුවට ආරධනා ලද ප්‍රථම ශ්‍රීලංකා දේශපාලඥයා වීමේ ගෞරවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවේ.මෙම සමුළුවෙන් රටට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට ඔහුගේ ආරාධනයෙන් රජය සමග පෞද්ගලික අංශයද එක්ව සිටී.
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියේ මුහුදු මට්ටිමින් අඩි 1500 ක උසින් පිහිටා තිබෙන ඩාවෝස් නගරය ස්වභාවික විල් හා සුන්දර කඳුවැටි වලින් ගහණය.හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට මෙම නගරයේ ජනගහණය 12000 ක් පමණ වේ.වර්ග කිලෝමීටර 284 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිද පවතින ඩාවොස් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය ලෙස සඳහන් වන්නේ සෙල්සියස් අංශක හතරකි.
මෙම මස 20 සිට 23 වැනිදා දක්වා ඩාවොස් ක්ලොස්ටර්ස්හිදී මෙවර ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුව පැවැත්වෙන්නේ 46 වැනි වරටය.රටවල් 40 කට අධික රාජ්‍ය නායකයෝද,2500 අධික ව්‍යාපාර කටයුතු සම්බන්ධ හා සමාජ කටයුතු සම්බන්ධ නායකයෝද මෙම සමුළුවට සහභාගී වෙති.‘සිව්වැනි කාර්මික විප්ලවය මෙහෙයවීම‘ මෙවර ආර්ථික සමුළුවේ තේමාවයි.
ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ශ්‍රීලංකා අගමැතිවරයා අද (20) ඩාවෝස්හි ‘මොරොසානි පෝස්ට්‘ හෝටලයේදී ‘ශ්‍රීලංකා ආයෝජන සමුළුව‘ නම් විශේෂ වැඩසටහනක් මෙහෙයවීය.හෙට (21) ඔහු ඩාවෝස් නගරයේ ‘ෆුක්සාගුෆර්‘ අවන්හලේදී අති විශේෂ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇති දිවා භෝජන සංග්‍රයකදී ‘ශ්‍රීලංකාවේ ආයෝජන සිදුකළ හැක්කේ කෙසේද‘ මැයෙන් පැවැත්වෙන සංවාදමය වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.සංවර්ධන ක්‍රමෝපාය හා අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික් සමරවික්‍රම,මුදල් අමාත්‍ය රවී කරුණානායක,ශ්‍රීලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,හා ස්විට්සර්ලන්ගේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යන මහත්වරුද අගමැතිවරයා සමග එක්ව සිටිති.
ස්විට්සර්ලන්ත - ආසියා වෙළඳ සභාව මෙම වැඩසටහන් සංවිධානය කළ අතර ශ්‍රීලංකා වෙළද සභාව සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය එම කටයුතු සඳහා සහයෝගය දක්වයි.
ශ්‍රීලංකාවේ සෘජු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විදෙස් ආයෝජකයින් දැනුම්වත් කිරීමත්,ආයෝජන අවස්ථා සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කිරීමත්,ශ්‍රීලංකාවේ ආයෝජන කිරීමට කැමැති පුද්ගලයින්,හවුල්කරුවන් හා ව්‍යාපෘති හිමිකරුවන් සමග සබඳතා ගොඩගනාගැනීමත්,මේ දක්වා ශ්‍රීලංකාවේ ආයෝජන සිදුකර ඇති පුද්ගලයින්ගේ තොරතුරු බෙදාහැරීමත් යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන් සංවිධානය කෙරිණ.
ලෝක ආර්ථික සමුළුවේදී ශ්‍රීලංකාවට වැඩි අවධානයක් දිනාගැනීම සඳහා වන අගමැතිවරයාගේ මෙහෙයුමට ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙල ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද එක්ව සිටිති.බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෆ් ඕමාර්,කාර්සන් කමර්බැච් අධ්‍යක්ෂක හැරී සෙල්වනාදන්,ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය සභාපති අජිත් ගුණවර්ධන,හිටපු ලංකා වෙළඳ මන්ත්‍රණ සභාවේ සභාපති සුරේෂ් ෂා,කොළඹ කොටස් වෙළඳපල සභාපති වජිර කුලතිලක,සිලෝන් බිස්කට්ස් කලමණාකාර අධ්‍යක්ෂිකා ෂේමාලි වික්‍රමසිංහ,එම්.ටී.ඩී.වෝල්කර්ස් සභාපති ජෙහාන් අමරතුංග,ටී.ඩබ්ලියු කෝර්පරේෂන් සමාගමේ සභාපති තිලාන් විජේසිංහ,වර්ටුසා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කීත් මොඩර්,ලංකා වෙළඳ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා එහි සාමාජිකයෝය.පියෙරේ ප්‍රින්ජියර්ස් (කැම්සෝ ලෝඩ්ස්ටාර්) පිලිප් රිචට් (ලෆාර්ජ් හොල්සිම්) යන විදෙස් අයෝජකයෝ දෙදෙනද මෙම කණ්ඩායමට අයත්ය.
ලෝක ආර්ථික සමුළුවේ දැනට සිටින එකම ශ්‍රීලංකා සාමාජිකයා වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති සුසන්ත රත්නායක,අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි,කොළඹ කොටස් වෙළඳපල අධ්‍යක්ෂක ඇන්ටන් ගොඩ්ෆ්‍රි,ව්‍යාපාරික සුරේෂ් සුබ්‍රමනියම්,හා පිළිගත් වෘත්තිකයෙක් වන ආචාර්ය කපිල රණසිංහ යන මහත්වරුන්ද ඩැවොස්හිදී අගමැතිවරයා හා එක්වීමට නියමිතය.
අද පැවැති හමුවේදී ශ්‍රීලංකාවේ ප්‍රතිපත්ති ආර්ථික කටයුතු විමසුම හා ආයෝජන අවස්ථා මැයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විශේෂ දේශනයක් පැවැත්වූයේය.තම ආයෝජන යටතේ ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති හිමි බෙල්ජියමේ කැම්සෝ ලෝඩ්ස්ටාර් ලිමිටඩ්හි අධිපති, පියෙරේ ප්‍රින්ජියර්ස් තම අත්දැකීම් සම්බන්ධ අදහස් හුවමාරු කරගත්තේය.ආයෝජකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති සෘජු ආයෝජන අවස්ථා දකින ආකාරයද හෙතෙම පැහැදිලි කළේය.
ආර්ථික සමුළුව අතරවාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ලෝකයේ ප්‍රබලතම වෙළඳ සමාගම් ප්‍රධානීන් අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරී එරික් රොන්ඩෝල්ට්, ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියා කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලීෆා අල් කලීෆා සහභාගි වූහ.
හෙට පැවැත්වෙන හමුවේදීද ශ්‍රීලංකාවේ ඇති අයෝජන අවස්ථා සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.එහිදී විවිධ මාතෘකා යටතේ තම අදහස් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාරික කණ්ඩායම සූදානමින් සිටිති.
අද (20) පස්වරුවේ වික්‍රමසිංහ මහතා ස්වීඩීන අගමැති ස්ටෙෆන් ලෝෆ්වන් හා තුර්කි අගමැති අහමට් දාවොදොග්ලු හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
ලෝක ප්‍රක මයික්‍රොෙසොෆ්ට් සමාගමේ සභාපති ජින් පිලිප් කොර්ටොයිස් බ්‍රහස්පතින්දා වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කැරිණි.
ඩාවෝස් සමුළුවට සහභාගීවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 18%කි.

