වසර 3000ක සුසානයක් දෙවලපොළ


මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල පිවිසුම් මාර්ගය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයෙන් කැනීම් කළ කැලණි විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශය පවසනුයේ වසර 3000කට පමණ පෙර එහි සුසානයක් තිබූ බවට තොරතුරු ඇති බවයි.

කැලණි සරසවියේ පුරා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පොළ මහතා පවසනුයේ මැටි කුටීර දෙකක් වසර තුන්දහසකට පෙර මැටි මුට්ටිවල භස්මාවශේෂ බහා එම මැටි කුටීරවල තැන්පත් කරන්නට ඇති බවයි.

විල්පත්තුව පොම්පරිප්පුවේ මීට වසර ගණනාවකට පෙර කැනීම්වලින්ද මැටි මුට්ටිවල බහා භස්මාවශේෂ තැන්පත් කළ බවට සාධක ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.

දෙවලපොළ ඉපැරණි සුසානයේ බිඳුණු මැටි ගුලි ද සොයාගත් බවත් කාල නිර්ණයෙන් පසු වසර තුන්දහසකට පෙර බස්නාහිර පළාතේ දෙවලපොළ ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු සොයාගත හැකිවෙතියි ඔහු කියයි.

20160928_150155 20160928_150206 20160928_150230