වසර 15ක් ලෙබනනයේ අතුරුදන්ව සිටි ඉනෝකා මතුවෙයි


ලෙබනන්හි ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් වසර 15ක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැතිව සිටි මහියංගණය,හසලක කේ උදයංගනී නම් කාන්තාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවාසයේ රඳවා සිටියදී සොයාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ලෙබනන් තානාපති කාර්යාලයට දුන් උපදෙස් මත ඇය සොයාගැනීමට හැකි වූ බව කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

19 හැවිරිදිව සිටියදී 2002 වසරේදී රැකියාවක් සඳහා ඇය විදේශ ගතවී ඇති අතර 2006 වසරෙන් පසුව ඇය ගැන කිසිඳු තොරතුරක් පවුලේ ඥාතීන්ට ලැබී නැත.

සේවා ස්ථානයේ දී විඳින්නට වූ වද හිංසා හේතුවෙන් ඇය රැකියා ස්ථානයෙන් පැන ගොස් සිට ඇති අතර විවිධ ස්ථානවල සේවය කරන්නට ද සිදූවී තිබේ.