පසුගිය වසර 149දී පොලිසියේ 3087 දෙනකු රාජකාරියේ දී මියගොස් ඇති බවත් යුද සමයේ නිලධාරිනියන් 11 දෙනකු ඇතුළු 2578 දෙනකු දිවි පිදූ බවත් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා අනුරාධපුරයේදී අද පැවැසීය. යුද සමයේ බලවත්ම ඛේදවාචකය වූයේ 1991 නැගෙනහිරදී එකම තැනකදී පොලිසියේ හාරසියයක් මරා දැමීම බවද ඔහු කීවේය.