පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනෝව් 32 යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම යානය තලාව වීරවැව ප‍්‍රදේශයට බිම හෙළා රුසියා ගුවන් නියමුවා සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 32 දෙදෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුව ජනවාරි 12 වැනි දින සිට අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ෙඛිමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ඉරාසතුරෙහි ජෙගන් නොහොත් පුලවන් සහ නිර්විලියේ නල්ලාමි ස්වාමිලිංගම් නොහොත් සින්නතිලකන් යන කොටි සංවිධානයේ මිසයිල බළඝනයේ හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටියා

