නුවරඑළිය කඳපොල ගල් පාලමේ නිශාන්ත නිරෝෂණ ගමගේ(42) ගොවියා වසර එකොළහක් තිස්සේ උඩ පුස්සැල්ලාව සමර් හිල් වංගුව අසල බල්ලන් පහළොස් දෙනෙකුට කෑම දෙයි. හාල් කිලෝ තුනහමාරක බත් සමග මස් කටු බල්ලන්ට කන්නට දී ඉන්පසු ඔහු තම වගා කටයුතු අරඹයි.ඔහුගේ ලොරිය කෑම රැගෙන එනවිට දුර තියාම අදුනාගන්නට මේ බල්ලෝ සමත් වෙති.