වසර 11 කට විදෙස් රැකියාවේ වැටුප එකවරම


මඩකලපුව ඔට්ටුවාස ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට වයස අවුරුදු 25 ක ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දී කුවේටයට යවා වසර 11 ක් තිස්සේ වැටුපක් නැතිව සේවය කරමින් සිටියදි එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඊයේ (22) මෙරටට එවන ලදී.

මොහොමඩ් අලියාර් (26) නම් තරුණියට එම වසර 11 වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ 25 ක චෙක්පතක් විදෙස් රැකියා ඇමතිනි තලතා අතුකොරල මහත්මිය විසින් පිරිනමනු ලැබුවාය. එම මුදල ඇය සේවය කළ කුවේටයේ හාම්පුතාගෙන් අයකර ගෙන ඇත.