වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි


(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ  කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (24) දින සවස එංගලන්තයේ දී  ජීවිතක්ෂයට පත්ව ඇත

සිය දියණිය පදිංචිව සිටින එංගලන්තයේ නිවසට ගොස් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසාවෙන් එරට රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත

ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ ක්‍රියාකාරිණියක වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියේදී දැඩි ප්‍රහාරයට ලක් වූවාය

දේහය මෙරටට ගෙන ඒම සදහා සතියකට ආසන්න කාලයක් ගත වනු ඇති බව හදපාන්ගොඩ මහත්මියගේ ඥාතීහු පවසති