
(චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ළගම ආශ්‍රිතයින් පිළිබදව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත.
ඒ අනුව මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ හා ඔහු ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 30 දෙනෙකු අද (25) දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඉකුත් සති දෙකක කාලය තුළ ග්‍රාම සේවා කොට්ඨාස විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි ග්‍රාමීය රැස්වීම් පවත්වා ඇති අතර මහනුවර දිස්ත්‍රික් පරිපාලන නිලධාරින් සමග ඔහු රැස්වීම් තුනක් ද පවත්වා තිබේ.

