වස විසත් නෑ : බලන්නත් රුචියි


ප්‍රජා විශෝධනයට යොමු කළ ප්‍රජාවගේ ශ්‍රමයෙන්  පානදුර අධිකරණ භූමියේ අලංකාර එළවළු කොටුවක් බවට පත් වී ඇත.

පානදුර අධිකරණ භූමියේ ඉදිරිපස දිරාපත් වෙමින් ගොඩ ගසා තිබූ වාහන කොටස් හා අනවශ්‍ය ගස් නීත්‍යනුකූලව ඉවත් කර එහි මල් වෙනුවට එළවළු වගා කර ඇත.

පානදුර මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතාගේ උපදෙස් මත, ප්‍රජා පාදක විශෝදන ප්‍රධාන නිලධාරී ශිරෝමි සේදර සෙනරත් මහත්මිය පැවසුයේ රසායන පොහොර භාවිත නොකර වගා කරන එළවළු නෙළා ගත් විට දී අධිකරණ සේවක සේවිකාවන්ට ද ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවන බවයි. එසේ ලැබෙන මුදල් වගාවට යළි යොදවන බවයි.

විශෝදනයට යොමු කරන පිරිස් මෙහෙයවා ලියුම්කවර නිෂ්පාදනය කර රාජ්‍ය සේවය පිණිස ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ පාවිච්චියට ගැනෙයි.

01(50)