වස විස මරුවා බරටම වැඩ


බෙහෙත් විසවීම් ඇතුළු ගෙදරදී වස විසට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.

මේ අනුව වසර 2000 සිට වසර 2012 දක්වා ගෘහස්ථව සිදුවුණු විස වීම් සහ ඖෂධ විසවීම්වලට 4,88,584 ක පිරිසක් ගොදුරුවී ඇතැයිද එයින් 4806 දෙනකු මිය ගොස් ඇතැයිද වෛද්‍ය ගුණතිලක කීවේය.

වසර 2000 සිට වසර 2012 දක්වාවූ වස විසවීම් පිළිබඳ ජාතික සංඛ්‍යාලේඛන වාර්තාව ගිය සතියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට භාර දුන් බව වෛද්‍ය ගුණතිලක මහතා පැවසීය.

‘‘රූපලාවන්‍ය ආලේපන හා විවිධ ඖෂධ, වැසිකිළි පවිත්‍රතාකාරක ආදිය ගෘහස්ථ විසවීම්වලට ප්‍රධාන වශයෙන් හේතු සාධකවී ඇත.

ඊට අමතරව වැඩිහිටියන් දරුවන්ට හසුවන ආකාරයට නොසැලකිලිමත්ව ඖෂධ තැබීමද තවත් හේතුවකි‘‘

‘‘සර්පයන් දෂ්ට කිරීම නිසා ඇතිවන විසවීම්ද ඉහළ අගයක පවතී. එම සංඛ්‍යාව 4,62145 කි. මියගිය සංඛ්‍යාව 1246 කි.

කෘෂි රසායන විසවීම් 2,22 300 වාර්තා විය. ඉන් මිය ගිය සංඛ්‍යාව 14, 438 කි.

Untitled-1 Untitled-2