කොළඹ 7 ග්‍රෙගරි පාරේ බෞද්ධයා මාධ්‍ය ආයතයන පරිශ්‍රයේ ආරම්භ කළ කාබනික වගා බෝග අළෙවි මධ්‍යස්ථානට අද දින පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණි බව සෙත්සුව මැදුර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සංවිධායක සුරැකිමු ලක් මව සංවිධානයේ ලේකම් සුසන්ත පරණගම මහතා කියයි
වෙළන්දෝ 30 කට ආසන්න පිරිසක් භෝග අළෙවිය සඳහා එක්වූ අද පාරිභෝගිකයෝ 1000 ක් පමණ පැමිණ සිටියහ
උදෑසන අටට ආරම්භ වූ වෙළදාම් කටයුතු සවස හතර දක්වා විවෘතව තැබීමට කටයුතු යොදා තිබූවද දහවල් 11 වන විට සියළු භාණ්ඩ හමාර වීය
සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නා හමියන්ගේ උපදෙස් මඟ පෙන්වීම මත රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය මෙහි උපදේශකත්වය දරයි