වස විස නැති රටක් හදන්න රතන හිමි පෙරමුණේ


වස විස නැති ආහාර ද්‍රව්‍ය වලින් සපිරි තුන් දින ප්‍රදර්ශනයක් ජාතික හෙළ උරුමයේ අතුරුලියේ රතන හිමියනිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිතයාය.

ආරක්ෂාකාරී ලෙස නිෂ්පාදනය කළ එළවළු වර්ග ද කෑම බීම ද එහි විය.

වස විසෙන් තොර ආහාර පාන පිළිබඳ මෑතක සිට මහජනයා අතර උනන්දුවක් පවතී. මෙවැනි එළවළු හා පලතුරු අලෙවි කරන තැන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම ඇත. සම්බුද්ධාලෝක විහාරයේ ධරනාලෝක කුසලධම්ම හිමිගේ මුළුතැන් ගෙය ද නාරාහේන්පිට ආර්ථීක කලාපයේ කඩ දෙකක ද දෙල්කඳ හංදියේ වෙළඳපොලේ සමහර වට්ටි අම්මලා ලඟ ද මෙවැනි ආහාර පාන අලෙවි කෙරේ.

ඇමැති එස්.බී. දිසානායක මහතා අද පැවසූයේ මෙවැනි අලෙවි හල් දිස්ත්‍රික්කයක් පාසා පිහිටවීමේ යෝජනාවක් ඇති බවයි. මෙම වැඩපිළිවෙළට ජනාධිපති කාර්යයාලය, කෘෂිකර්ම අමාත්‍යංශය  සහාය දෙයි.

IMG_0261 IMG_4763 IMG_4774 IMG_4779 IMG_4781