
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වවුනියාව ප්‍රදේශයේ දී අඹු සැමිය යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ කැපුම් තුවාල කිරීමේ සිද්ධියට අනියම් පෙම් පළහිලව්වක් මුල් වී ඇති බව මූලික විමර්ශනවලින්ව හෙළි වී ඇතැයි රහස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඝාතනයට ලක්වූ තරුණයා ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිනියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි රහස් පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.
මෙම ග්‍රාම නිළධාරිවරිය ද විවාහක කාන්තාවක යැයි රහස් පොලීසියට දැනගැනීමට ලැබී ඇත.
මෙම ග්‍රාම නිළධාරිවරිය, ඝාතනයට ලක් වූ තරුණයාගේ හොඳම මිතුරා සමග ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුව මත ග්‍රාම නිලධාරිවරිය සමඟ පළමුව අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන තරුණයා උපන්දින උත්සවය දිනයේ එම නිවසට කඩා වැදී මෙවැන්නක් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතැයිද එම රහස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින සැකකරුවන්ගෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව දැන ගැනීමට ඇත.

