වවුනියාව මසුරන් සියවස් කිහිපයක් පැරණියි


වවුනියාව, මරක්කරම්පලෙයි ප්‍රදේශයෙන් පෙරේදා (28) සොයාගත් ඉපැරණි කාසි තොගය 9-12 ශත වර්ෂවලට අයත් මසුරන් (මස්ස) බවට සාක්කි දරණ බව උතුරු පළාත් සහකාර පුරාවිද්‍යා නිලධාරී පී ජී වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම කාසි තුබූ මුට්ටිය වලදමා ඇති ස්ථානයට නුදුරින් පැරණි සඳකඩ පහණක හා ගල්කණු කිහිපයක කොටස් හමුවූ බවත් ඔහු කියයි.