''තීපම්'' පුවත්පතේ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට කිසියම් පිරිසක් බොතල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වව්නියාව පොලීසිය කියයි.
කිසිවකුටවත් හානි සිදුව නැතත් මාධ්‍යවේදියාගේ නිවසේ දොර හා ජනෙල් වලට අලාබහානි සිදුවී තිබේ.
මෑතක සිට නාදුනන පිරිසක් දුරකතනයෙන් තර්ජන එල්ල කරන බවත් 27 දා රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවත් ගෝකුලන් කියයි.
වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.




