වවුචරය වෙනුවට රෙදි දීලා


පාසල් නිල ඇඳුම් වවුචර වෙනුවට   නිල ඇඳුම් රෙදි සිසුන්ට බෙදා  හැරියේයැයි කියන මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියගේ වැඩ අධ්‍යාපන ලේකම් විසින් තහනම් කරනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යංශය වවුචර බෙදා දෙන්නේ එම වවුචර මගින් සිසුන්ට කැමති තැනකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි පරිදිය.