වවුචර ක්‍රමය හොඳයිලු


පාසල් සිසුන්ට නිල ඇදුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට ඒ වෙනුවෙන් වවුචර ලබාදීම නිසා මින් පෙර නිල ඇදුම් ලබාදීමේදී පැවති ඒකාධිකාරය නැවතී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරිකයින්ටත් වාසි සැලසෙනවා සේම දරුවන්ට ඉතා හොඳ රෙදි ලබාගැනීමේ අවස්ථාවක් උදා වී ඇතැයි එක්සත් අධ්‍යාපන සේවක සංගමය පවසයි.

වවුචර් ලබාදීම ඉතා විනිවිදභාවයකින් යුතුව සිදු වූ බවත්, මාස 10ක් පමණ කෙටි කාලයක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නිසා අඩු පාඩු සිදුවීම ස්වභාවික බවත් ලබන වසරේ දී එම සියලූ ගැටළු මගහරවා ගත හැකි බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.

පසුගිය රජය සමයේ පාසල් නිල ඇදුම් බෙදාදීමේ දී විවිධ ගැටළු පැවති බව කී පත්බේරිය මහතා ඒවා ගැන කතා නොකළ අය දැන් කෑගසන්නේ මෙම වැඩපිළිවෙල නිසා අනිසි ලෙස ආදායම් ඉපයූවන්ගේ අවශ්‍යතාවයටදැයි සැක මතුවන බව ද කීවේය.

DSC_0320