වව්නිවයාවේ ජනඋදාන ගම්මානයකට සංචරණ සීමා


( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයට  සංචරණ සීමා පනවා තිබේ.

එම ගම්මානයේ පදිංචි කාන්තාවක් හදිසියේම ඊයේ(26) රාත්‍රියේදී මිය යාමෙන් පසු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී මෙන් පසු මෙම පියවර ගත් බව මහජන සෞඛය පරික්ෂක කාර්යාලය පවසයි.

උදෑසන සිට ආශ්‍රිතයින් හඳුනාගමනිමින් පී.සී.ආර් පරික්ෂණයන් සිදු කිරීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.

පෙරියඋළුක්කුලම ජනඋදා ගම්මානයේ පදිංචි මෙම කාන්තාවට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකල පී.සී.ආර් පරික්ෂණයකින් කොවීඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇති කාන්තාව ජනඋදා ගම්මානයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ අවසන් කටයුතු අද (27) අනුරාධපුර පොදු සුසානභූමියේදී නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.