වව්නියාවේ දැව හොරුන් දෙදෙනකු සිරගෙට


වව්නියාව ඕමන්ත හා පෙරියමඩු රජයේ රක්ෂිතවල ඉතා රහසිගතව මහපරිමාණ දැව ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් දෙදෙනකුට සිර දඬුවම් හා දඩ නියම කෙරිණි.
වව්නියාව අඩවි වන නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී බුරුත දැව හා ඒවා ප්‍රවාහනයට යොදාගත් කැබ් රථයක්ද සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වව්නියාව මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා විසින් දැව ජාවාරම්කරුට රුපියල් 70,000 ක දඩයක් හා මාස තුනක අනිවාර්ය සිර දඩුවම් නියම කරනු ලැබීය.
වව්නියාව පෙරිමඩු රක්ෂිතයේද බුරුත දැව තොගයක් කපමින් සිටියදී ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක්ද මාස 6 ක අනිවාර්ය සිරදඩුවමක්ද නියම කෙරිණි.

IMG_1969 IMG_1972 IMG_1973