වව්නියා මහ දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ වව්නියා නිල නිවසේ දිවි මකුළුවකු සිටි බවත්, වනජීවී නිලධරයන් දිවි මකුළුවා අල්ලා වන රක්ෂිතයට මුදා හළ බවත් වව්නියා වනජීවී ආරංචි කියයි. දිවි මකුළුවා විෂ සහිත වුව ද මාරාන්තික නොවන සත්ත්වයෙකි.
අඟල් තුනක් පමණ දිගැති මේ දිවි මකුළුවා දිසාපතිගේ කාමරයේ සිටි බව සේවකයන් දැක ඇත.



