දිවයින පුරා පසුගිය දිනවල විශාල වශයෙන් ඉහලගිය එළවළු මිල පහළ දැමීමට යාපනයේ ගොවීන්ට හැකිවිණි .එම ගොවි ගම්මාන සොයා අප ගියමු .යාපනය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම මෙන් මෙවර සාර්ථක එළවළු වගාවක් පවතින අතර අස්වැන්නද ලැබී තිබේ .
යාපනයේ කැරට් ,බිට් ,කරවිල .,මැකරල් ,ගෝවා .අර්තාපල් ,අමුමිරිස් ආදී එළවළු වර්ග රැසක් වගාකර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ සෑම එළවළුවක්ම කිලෝවක් රු 300 කට එහා මිලකට අලෙවි විය. යාපනයේ එළවළු දඹුල්ලට ලැබීමත් සමග කිලෝවක මිල රු 70 -100 දක්වා පහත වැටිණි. යාපනයේ ගොවින් කියාසිටියේ දැනට පවතින මිල ප්‍රමාණවත් බවය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික දඹුල්ල මහනගර සබාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා යාපනයට ගොස් ගොවින් හමුවී ඉදිරියටද අස්වනු දඹුල්ල වෙළඳපොළට හා රටේ අනෙකුත් ප්‍රදේශ වලට ගෙන්වා ගැනීමට යයි.








