වලිකාමම් ප්‍රා සභාපති තනතුර රැකගන්න වලි කයි


වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ  සභාපති ධුරයෙන් තමන් ඉවත් කැර ඇති බවට ප්‍රකාශිත ගැසට් නිවේදනය අවලංගු  කරන රීට් ආඥාව  නිකුත් කරන ලෙස ඉල්ලා  එහි සභාපති ඒ උදය කුමාරි මහතා ගොනු කළ රිට් පෙත්සම  සලකා බැලු අභියාචනාධිකරණය එම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කැර ඇති  උතුරේ මහ ඇමැති සි වී විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසට මෙම මස අප්‍රේල් 4 වැනි දින අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග නිකුත් කළේය.