රුපියල් කෝටියක් වටනා වල්ලපට්ටා තොගයක් කටුනායක ගුවන් තොටින් ක්වාලාලම්පුර් ඔස්සේ චීනයේ ෂැංහයි නුවරට රැගෙන යන්නට ආ බව කියන චීන ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කටුනායකදී මේ වසරේදී හොරෙන් වල්ලපට්ටා රැගෙන යාමට ගත් හත් වැනි අසාර්ථක උත්සාහය මෙයයි.
චීන මගීයා චීන බස පමණක් දැන සිටීම නිසා පරීක්ෂණයට ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයයේ සහාය ද ලබා ගැනීමට සිදු විය.

