වල්ලපට්ටා ජාවාරමක් කැලණිමුල්ලෙන් එළියට


(ඉන්දිකා රාමනායක)

නොමේරූ වල්ලපට්ටා ශාක කොටස් කපා විවිධ ආලේපන ගල්වා උසස් ගණයේ වල්ල පට්ටා  ලෙස සකස් කර  අලෙවි කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් සිව්දෙනකු කැළණිමුල්ල ගම්සභා හන්දියේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

ගම්සභා හන්දිය ප්‍රදේශයේ දී සැකකටයුතු මෝටර් රථයක්  පරික්ෂා කිරිමේ දී එහි තුළ තිබී නොමේරූ වල්පට්ටා ශාක කොටස් කිලෝ 55 ක ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.

එහි සිටි සැකකරුවන් සිව් දෙනාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි.

සැකකරුවන්  ගම්සභා හංන්දියේ නිවසක් කුලියට ගෙන මෙම ජාවරම සිදුකරන බවත්, විවිධ ප්‍රදේශවලින් රැගෙන එන වල්ලපට්ටා නොමේරූ කොටක් මොවුන්  විවිධ ආලේපන ගල්වා උසස් ගනයේ වල්ලපට්ටා වශයෙන් සකස්කර අලෙවි කරන බවට පොලිසියට තොරතුරු හෙළිකරගෙන ඇත.