වල්ලපට්ට දඩය ලක්ෂ 34: ටික ටික ගෙවන්නත් ඉඩ


වල්ලපට්ට කිලෝ විසිතුනක් ළඟ තබාගත් පුද්ගලයකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා  රුපියල් 3467050 දඩයක් නියම කළේය.

වල්ලපට්ට සම්බන්ධ නඩුවකදී මෙතරම් දඩයක් නියම වු පළමු වතාව මෙයයි.

රත්නපුර මල්වල කොස්කොලවත්තේ ඩී ජී කුමාර ප්‍රගීත්ට මේ දඩයට අමතරව  වසර පහක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවිණි.

මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවු පසු වරදකරු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවන ලෙසද නියෝග කළේය.

වල්ලපට්ටා තොගය රාජසන්තක කැරිණි.