වල්ලපට්ට කිලෝ 28ක් බිබිලෙන් අල්ලයි


ලොව මිල අධිකම සුවඳ විළවුන් සෑදීම සඳහා යොදා ගන්නා වල්ලා පට්ට ශාඛයේ කිලෝ 28ක් බිබිලේ කැලෑවකින් කපා එතෙර යැවීමට සැරසුණු පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වැවෙන වල්ලාපට්ට ගසේ කඳ මෙම විළවුම් සෑදීමට යොදා ගනී.