වල්ගා හයකින් යුතු විස්මිත වල්ගාතරුවක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. හබල් දුරේක්ෂය ආධාරයෙන් මෙය මුල්වරට දැක ඇත්තේ සැප්තැම්බර් 10 දින දීය.
එය දැනට පී/2013 පී5 ලෙස නම්කැර ඇත. කැලිෆෝනියා විශ්විවද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ජේවිත්, මැක්ස් ප්ලාන්ක් සහ සූර්ය නිරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජෙසිකා අග්‍රාවල්, ජෝන් හොප්කින්ස් සරසවියේ එච්.වේවර් සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ එස්.ලාර්සන් විසින් මේ ගැන පර්යේෂණ සිදුකැර ඇත.
ඔවුන් පවසන්නේ අඩි 790 ක් පමණ විශ්කම්භයකින් යුතු ඇස්ටරොයිඩයක් සේ දිස්වූ ඒ වටා බයිසිකල් රෝදය ස්පෝක් පිහිටන ආකාරයට විහිදී ඇති වල්ග හයක් දක්නට ලැබෙන බවයි. මෙහි ඇති විවිධ හැඩයෙන් යුත් වල්ග සැප්තැම්බර් 10දා දුටු ආකාරයට වඩා ඉන් දින කිහිපයකට පසු නිරික්ෂනය කරද්දී වෙනස් හැඩයක් ගෙන තිබූ බවයි.
''එය දුටු මොහොතේ අපි තුශ්නිම්භූත වී ගියා. ඒ වල්ගය විටින් විට වෙනස් වනවා. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනක දර්හනයක්. " කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ඩේවිඩ් ඒ ගැන එසේ කීවේය.
විද්‍යාඥයන් පවසන්නේ දූලි වළාවේ වනස්වීම් යම් කිසි කෝණයකට අනුව සිදුවන බව සොයාගත හැකි වූ බවයි. එමෙන්ම එකවර විශාල පිපිරීමක් සිදුවීමෙන් දූවිලි ඈතට විහිදී යන බවක් පෙනේ යැයි ද ඔවුහු කියති. ඔවුන් පවසන්නේ ඉදිරියට මාස පහක්වත් මේ වස්තුව දූලි වළාන් විහිදුවනු ඇති බවයි.
ආචාර්ය ජෙසිකා අග්‍රවාල් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම නිතරම වල්ගාතරුව නිරීක්ෂණය කළ බවයි. ඔවුන් සොයාගත් තොරතුරු අනුව මෙය භ්‍රමණය වන වේගය අනුව දූවිලි වළාව ක්ෂය වී යන බව ඔහු කියා සිටියි.
මහාචාර්ය ජේවිත් මෙසේ පවසයි.
“මේ වගේ වල්ග තරුවක් හැදෙන්න ගොඩක් කල් යනවා. මේවා මත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1,500ක් පමණ වනවා. ”