වල් අලියාට කටු වැටක්


කන්තලේ ගම් 10 ක් වල් අලි ප්‍රශ්නයෙන් මුදා ගැනීමේ අත් හදා බැලීමේ පියවරක් ලෙස හණ, බෝගන්විලා හා දෙහි වැටක් ඉදි කිරීමට කන්තලේ සිවිල් ආරක්ෂක බලකාය සැරසෙයි.

දැනටම එම ශාඛ රෝපණය කර ඇත. කන්තලේ වැවේ සිට අයිල්අඩිය දක්වා කිලෝමීටර 33 ක් දුරට රෝපණය කිරීමට යයි.

කන්තලේ සිවිල් ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී මේජර් පී.ඒ.එස්.කුමාර මෙම වැඩපිළිවෙළව භාරව කටයුතු කරයි.

චීනයේ මෙම ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව මේජර් කුමාර පවසයි.

IMG_3288 IMG_3290 IMG_3291 IMG_3298 IMG_3305 IMG_3306