වල් අලියා සිසුවිය රෝහලට යවයි


(ඇන් ජේ පතිරාජ)

වල් අලියකුගේ පහරින් පෙරළුණු බිත්තියකට  යටවී පාසල් ශිෂ්‍යයාවක තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි මීගලෑව පොලිසිය කියයි.

ඇය මීගලෑව මහවැලි ජාතික පාසලේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි දැරියකි .

මේ ශිෂ්‍යයාව සිය අත්තම්මාගේ තනියට ඇගේ නිවසට සෑම රාත්‍රියකම යන බවත් , එසේ ගොස් අත්තම්මා සමඟ එකම ඇදේ නිදා ගන්නා බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

දැරිය අත්තම්මාගේ නිවසට ගොස් නිදා සිටියදී රාත්‍රී දහයට එකොළහට පැමිණි  තනි අලියකු ඔවුන් නිදා සිටි කාමරයේ පිටත බිත්තියට පහරදී ඇති බව පොලිසිය කියයි . බිත්තියේ සුන්බුන් නිදාගෙන සිටි දැරියගේ ශරීරය මත වැටි ඇය තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .

දැරිය හා මිත්තනියගේ කෑ කෝ ගැසිම් හා බිත්ති පෙරලන හඬ ඇසි අසල්වැසියන් පැමිණ අලියා පලවා හැරිි බව ගම්වැසියෝ කියති .තනි අලියා ඒ වත්තෙන් පිටව ගියත් , අලුයම වන තෙක් ගම්මානයේ රැඳී සිටි බව ද ඔවුහු කීහ .