මිහින්තලේ මරදන්කුලම පාරේ මූදෑවේදී වල්අලි ප්‍රහාරයකින් 47 හැවිරිදි ගැමියකු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.
සති දෙකක පමණ කාලයක සිට මරදන්කුලම, වේලන්කුලම, කනදරාව හා අවට ගම්මානවලට වල් අලි රංචුවක් කඩා වැදී වගා හානි කිරීම නිසා ගැමියෝ භීතියට පත්ව සිටිති.

