අම්පාර දිස්ත‍්‍රික් මායිමේ පිහිටි මඩකලපුවට අයත් මංගලගම නිවසක් වල් අලින් විසින් බිමට සමතලා කර දමා තිබේ.
දින තුනක් ඇතුළත නිවාස හතරකට දැඩි හානි සිදු කැර ඇති බව ගම්වාසීහු කියති.
නිවසේ හිමිකරු එස්. එල් .සෝමවිර සිවිල් ආරක්ෂක භටයෙකි. ඔහු දෙදරු පියෙකි.ඔහු කියනුයේ මිදුලේ අඹගස හැරුණු විට අන් සෙවනක් නැති බවයි. අලින්ගෙන ගම්මානයට සිදුවන හනි පිළිබද වසර ගණනාවක් තිස්සේ රජය දැනුවත් කළද කිසිදු පිළිසරණක් නැති බව ගැමියෝ කියති.




