වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති


(බී.ජී. චතුරංග)

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන් තාවයට පත් වූහ.

රාත්‍රී කාලයේ වන අලි රංචු පිටින් ගම් වැදීම සුලබ දර්ශනයක් වුව ද, දහවල් කාලයේ මෙලෙස වල් අලින් ගම් වැදීමට පටන් ගැනීම හේතුවෙන්, තම දරුවන්ගේ ආරක්ෂාව සදහා මව්පියන් පාසල අසලටද රැස්ව සිටියහ.

තන්තිරිමලය පොලිස් වසමේ කිඹුල් වැව, තුප්පිටියාව, ගොඩගහවැව, දංගස්වැව, ගොඩගහවැව සහ පහළ තල්ගස්වැව ප්‍රදේශයේ ජනතාව මෙලෙස නොසන්සුන්තාවයට සහ දැඩි භීතියට පත්ව සිටියහ.

වල් අලි රංචුව භව භෝග විනාශ කරමින් ගම් වැදුණු බවත්, එලෙස ගම් වදින වන අලි, මීට පෙර දහවල් කාලයේ දක්නට නොලැබුණු බවත්, දිගින් දිගටම දහවල් කාලයේත් මෙවැනි තත්ත්වයට මුහුණ දීමට සිදු වුව හොත් කුලී වැඩක් කර ගැනීමට පවා නොහැකිව දරුවන් සමග නිරාහාරව නිවාස තුලම ජීවිතක්ෂයට පත්විය හැකි බව එම ගම්වාසීහු පැවසූහ.