(අමදෝරැ අමරජීව )
තංග නගර් ප්‍රදේශයේ හේනක පැල් රැක අද (30) අලුයම නිවසට යමින් සිටි පුද්ගලයකුට එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් හේනේ සිට නිවසට යන අතරමග ලඳු කැළැ මාර්ගයේ මිය ගොස් සිටියදී මළ සිරුර සොයා ගත් බව සේරුනුවර පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සේරුනුවර, තංග නගර් පදිංචි රාජේන්ද්‍රන් ලිංගරත්නම් (58) නැමති අයෙකි.
මියගිය අයගේ මළ සිරුර දැක ගම්වාසීන් ඒ බව පොලිසියට දැනුම්දීමෙන් පසු සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක හෙට්ට් ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය .

