ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ වන සත්ත්ව නියාමක නිලධාරියෙකු 19දා රාත‍්‍රී වල් අලි ප‍්‍රහාරයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු පවසයි.
මියගොස් ඇත්තේ ගාල්ල ගිංතොට පදිංචි දිනේෂ් අමිල ජයවර්ධන (24) යන අයයි.
අලුත්ගොඩ ගම්මානයට අලියකු කඩා වැදී ඇති බවට එහි ගැමියන් කළ දැනුම් දීමකට අනුව ඔහු තවත් පිරිසක් සමග එහි ගොස් ඇති බවත් ඔහු අත අලි එළවන ගිනිඅවියක් තිබුණ ද එය එල්ල කිරීමටවත් ඉඩ නොලැබූ බවත් පඳුරක් අසල රැඳී සිටි අලියා එකවරම මෙම නිලධාරියාට පරහදී පපුව පාගා දැමූ බව සිද්ධිය දුටුවෝ කියති.

