(ආරියරත්න රණබාහු )
වන අලීන් පහරදීමකදී මරණයට පත්වුණු අයකුගේ මරණය වෙනුවෙන් මෙතෙක් ගෙවු රුපියල් ලක්ෂයක මුදල රුපියල් ලක්ෂ පහ දක්වා වැඩිකර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
වන අලීන් පහරදීම නිසා සිදුවන බෙලහීනතාවයකදී මෙතෙක් ගෙවු රුපියල් ලක්ෂයක මුදල රුපියල් ලක්ෂ දෙක දක්වාත් නිවාස වන්දිය රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂය දක්වාද වැඩි කර ඇතැයි ද ඇමැති කීය.

