වල් අලි දෙන්නෙක් ටවුමට එති


ඇඹිලිපිටිය මොරකැටිය නගරයට අද (30) අලුයම සිට වල් අලි දෙදෙනෙක් පැමිණ සිටිති.

උඩවලව වනෝද්‍යානයේ සිට මේ අලි කෑම සොයා යද්දී නගරය දෙසට එන්නට ඇතැයි කියති.


මොරකැටියට ආ අලි දෙදෙනා දෙපැත්තට යමින් සිටින බවත් එසේ යද්දී කාන්තාවක හා වනජීවී නිලධරයකු ඇතුළු පස් දෙනකුට පහරදී ඇති බවත් කියති.

පහරකෑමට ලක් වූ 71 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව කියති.කූඩුවක සිටි බල්ලකු බුරද්දී එක් අලියකු බලු කූඩුවද කඩා බිඳ දැමූ බව පොලිසිය පවසයි.

01- 02- 03- 04- 05 06 07 08