වල් අලි තිදෙනෙක් බේරා ගැනෙති


මාදුරු ඔය ඉසෙඩ් ඩී මහ ඇළට අලුත්ඔය දී වැටුණු වල් අලින් හතර දෙනකු හා මුවකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී නිලධරයෝ ද, අලුත් ඔය අලි විදුලි ආරක්ෂක වැටේ සිවිල් ආරක්ෂකයෝ ද සමත් වූහ.

මුවන් දෙදෙනකු බේරා ගත නොහැකි විය.

මේ සතුන් බේරා ගැනීමට පැය තුනක් වෙහෙසුණු ඔවුහු කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.