වලවේ ගඟේ ගිලී සිසුවියක් මියයාමේ සිද්ධියේ ගුරුවරියට ඇප


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

වලවේ ගඟේ ගිලී පාසල්  සිසුවියක මිය යාමේ  සිද්ධියට අත්අඩංගුවට ගත්  පාසල්  ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින්  වු ශරීර ඇප දෙකක්  මත  මුදා හරින  ලෙස  බලන්ගොඩ  මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය.

බලන්ගොඩ  විදුහලක ගුරුවරියක මෙලෙස  ශරීර ඇප දෙකක් මත මුදා  හැරිණි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ හෝ පාසල්  විදුහල්පතිවරයගේ අවසරයකින්  තොරව සිසුන්  15දෙනෙකු රැගෙන  ගොස්,  එම ගුරුවරිය ඉකුත් (30)  වැනිදා  වලවේ ගඟේ  කල්තොට ප්‍රදේශයේ කේෂේත්‍ර පුහුණු චාරිකාවකට  සහභාගි  වී ඇත. එහිදී  දිය  නාමින් සිටියදී එක්  දැරියක  දියේ  ගිලි  මිය  ගියාය.

ඒ සම්බන්ධයෙන් එම ගුරුවරිය ඊයේ(31) රාත්‍රියේදී කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.