වරායේදී භාණ්ඩ ඉස්සූ වාප්පු ලිපිකරු මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද රූපලාවන්‍ය භාණ්ඩ තොගයකින් රුපියල් 574,425/=වටිනා භාණ්ඩ සොරකම් කළ වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය කියයි.

ඉකුත් මස 07 වෙනිදින රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනය කර බෙදා හරින පෞද්ගලික ආයතනයක් මගින් 2025 11.07 වෙනිදින ඉන්දියාවේ සිට රූපලාවන්‍ය භාණ්ඩ තොගයක් අඩංගු පැලට් දෙකක් ආනයනය කර වරාය අධිකාරියේ බණ්ඩාරනායක ගුදම තුළ නාවික ගාස්තු හා රේගු ගාස්තු ගෙවා රේගු පරීක්ෂණයෙන් පසු නිදහස් කරන තෙක් ගබඩා කර තබා ඇතැයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආනයනය කරන ලද භාණ්ඩ මුදා ගැනීමේ කටයුතු කිරීම සඳහා 2025 11 26; වෙනිදින ගුද මට ඇතුළු වූ වෙනත් ආයතනයක සැකකාර වාප්පු ලිපිකරු රූපලාවන්‍ය භාණ්ඩ තොගය එම පුද්ගලික ආයතනය ආනයනය කර තිබූ භාණ්ඩ තබා තිබූ ස්ථානයට ගොස් භාණ්ඩ අසුරා තිබූ කාඩ්බෝඩ් පෙට්ටි හතරක් කඩා විවෘත කර ඒ තුළ ඇසුරුම් කර තිබූ රූපලාවන්‍ය භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.