වරායේ ගින්න රහස් පොලීසියට


කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම හටගත් ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම රහස් පොලීසියට භාර දීමට යන බව පොලිස් ආරංචි කියයි.
 
වරාය අධිකාරිය මගින් ද වෙමන පරීක්ෂණයක් පවත්වන බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියන්ත බන්දු වික්‍රම මහතා පවසයි.
 
අද අළුයම එකට පමණ හටගත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකයේ 150ක් පමණ පැය පහකටත් වැඩි කාලයක් දැඩි වෙහෙසක් ගත්හ. ඒ සඳහා ගිනි නිවීමේ රථ අටක් යොදා ගැනිණි.
 
ගිනි ගත් ගුදමේ තිබී විනාශ වූ ආනයනික භාණ්ඩ ගැන අවශ්‍ය තොරතුරු 071 86 88 361 අංකයෙන් හෝ 011 24 825 579 අංකයෙන් ලබා ගත හැකිය.