කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම එකට පමණ හටගත් ගින්න මීට ටික වේලාවකට පෙර නිවා දැමූ බව පොලීසිය කියයි.
ගින්නෙන් එම ගබඩාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකය පැය හතරක් පමණ වෙහෙසුණ බවත් පොලීසිය සඳහන් කරයි.